ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ගෝලීය යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ කටයුතු සිදු කරන වැඩසටහන් සඳහා ලබා දෙන අමෙරිකානු අරමුදල් නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇත්තේ අමෙරිකානු ගෝලීය භූ දේශපාලනික උවමනාවන්වලට එය අවාසිදායක හේතුවෙන් බව විද්වතුන් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී මෙම අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා.

වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමටයි ධවල මන්දිරය නිර්දේශ කර ඇත්තේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ විදේශ ආධාර කප්පාදු ක්‍රමය යටතේ එම අරමුදල් නතර කිරීම සිදු වනවා.

එම වැඩසටහන් අතරට ශ්‍රී ලංකාව, ඉරාකය, මියන්මාරය, නේපාලය, සිරියාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය සහ ගැම්බියාව ද ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.