බද්දේගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් එම සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැය 48 ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරුගෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.