තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

​අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයාගත් බවයි හම්බෙගමුව පොලීසිය පැවසුවේ.

​මෙම ගංජා තොගය වැටලීමකින් අත්අඩංගුවට ගත් ඒවා බවට සැකකාර සුරාබදු නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණ ද, පොලිසිය සිදුකළ විමර්ශනවලදී එවැනි කිසිදු වැටලීමක් හෝ නීත්‍යානුකූල නියෝගයක් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

​අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.