විදුලි සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබා දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවුසවේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ විදුලිබල මණ්ඩලයේ සංශෝධන සිදුවන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට නායකත්වය දුන් අයෙකු සහ වර්තමාන කඩුවෙල නගරාධිපතිවරයා වන රංජන් ජයලාල් මහතා විදුලි සේවකයෙකුට ලබා දුන් බව කියන තර්ජනාත්මක දුරකතන ඇමතුම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ දේශපාලඥයින් කවුරුන්දැයි මෙතෙක් හෙළි නොකිරීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.