Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි තයිජුල් ඉස්ලාම් ලකුණු 09ක් රැස් කරගෙන සිටි අතර එබඩොට් හොසේන් නොදැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 05ක්.
බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී සොනාල් දිනූෂ, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 02 බැගින් දවාගෙන සිටිනවා.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේදීයි.