පසුගිය සමයේ ආන්දෝලනයක් ඇති කළ ආනයනික බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් හිමි සමාගම් වල නම් ලැයිස්තුව තමන් ශ්‍රී ලංකා රේගුවෙන් ඉල්ලා සිටි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ආණ්ඩුව මෙන්ම විපක්ෂයද මුදාහරින ලද බහාලුම් මෙරටට ගෙන්වූ සමාගම්වල නම් හෙළි නොකරමින් ඔවුන් ආරක්‍ෂා කරමින් සිටින බවයි පුබුදු ජාගොඩ මහතා මෙහිදී චෝදනා කළේ.

ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ එම පක්ෂයේ දෙහිවල – ගල්කිස්ස නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.