තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුර මේ වන විට සොයා ගෙන තිබෙනවා.
අනෙක් පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි නාවික හමුදාව පැවසුවේ.
එම ධීවර යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි ධීවරයින් 06ක් දෙනෙක් සිට තිබෙනවා.
ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
අදාළ යාත්‍රාව ධීවර කටයුතුවල නිරත වී ආපසු එමින් තිබියදී ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් අතුරුදන් වූ ධීවරයා සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ.
කළුතර, බේරුවල මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබියදී අනතුරට ලක්වූ බෝට්ටුවේ සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනාගේ මළසිරුරුද අද උදෑසන නාවික හමුදාව මගින් සොයා ගනු ලැබුවා.
මේ අතර, හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය තවත් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරට පත්වුණේ ඊයේ පස්වරුවේයි.
හික්කඩුව ධීවර වරායට ආසන්නයේදී එම අනතුර සිදුව තිබුණා.
එම බහුදින යාත්‍රාවේ සිටි පිරිස ඔවුන් අසල සිටි ධීවරයින් හා පොලීසිය එක්ව බේරාගෙන තිබෙනවා.
එම අනතුරෙන් කිසිදු ධීවරයෙකුට අනතුරක් සිදුව නැහැ. කෙසේවෙතත් බෝට්ටුවට හානි සිදුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ අදාළ අනතුරු සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා.