ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 5,024ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
2025 වසරට සාපේක්ෂව රත්‍රං මිල සියයට 60කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මතුව ඇති දේශපාලනික අවිනිශ්චිතතාව සහ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත පොලී අනුපාත අඩු කරනු ඇතැයි අපේක්ෂා කිරීම වැනි හේතුන් මත රත්‍රං සඳහා ඇති ඉල්ලුම වැඩි වීම එලෙස රත්‍රං මිල ඉහළ යාමට බලපා තිබෙනවා.
මේ අතර ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ 97,000ක් පමණ ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කළා.




