Published
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව පළමු අදියරට අදාළව අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් හය ලක්ෂ විසි එක් දහස් හත්සිය හැට එක් දෙනෙකුට රුපියල් තුන්සිය දස කෝටි අසු අටලක්ෂ පන්දාහක මුදලක් ගිණුම් වෙත බැර කිරිමට නියමිතයි.
මේ අතර, දෙවන අදියරට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් හැත්තෑ හයදහස් එකසිය තිස් නවයක් සඳහා තිස් අටකෝටි හයලක්ෂ අනූපන්දහසක මුදලක් ද ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.




