විපක්ෂය නියෝජනය කරන වර්තමාන මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේද සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඒ, වත්මන් තත්ත්වය යටතේ විපක්ෂයේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතා ගේ නිවසේදීයි. මේ, එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මෙම සාකච්ඡාවය එක්ව සිටියා. රට මුහුණ දී ඇති විවිධ අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි මෙම සාකච්ඡාවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ. මෙම සාකච්ඡා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් නොවන බවයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ.