පිලිපීනයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන ටාල් ගිනි කන්ද අවසන් වරට 2020 ප්‍රධාන පිපිරීමක් සිදුව තිබෙනවා.

පිලිපීනයේ මැනිලා නුවරට කිලෝමීටර 60ක් පමණ දකුණින් පිහිටි ටාල් ගිනි කන්ද මේ වන විට සක්‍රිය වී තිබෙනවා.

මිනිත්තු 10ක් පමණ ඇතුළත පිපිරුම් දෙකක් සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමඟින් කිලෝමීටර් දෙකක් පමණ ඉහළ අහසට පිපිරුමේ අළු සහ වාෂ්ප විසි වී ඇති බව සඳහන් වනවා.

ටාල් ගිනි කන්ද අනතුරු ඇගවීමේ මට්ටම 1 දක්වා ඉහල නංවා තිබෙනවා.

පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය පවසා ඇත්තේ තවදුරටත් අළු විමෝචනය හෝ කෙටි කාලීන පිපිරීම් ඇතිවීමේ හැකියාව පෙන්නුම් කරන බවයි.

එමෙන්ම අළු පිපිරීම් සමඟ සැලකිය යුතු වායු සහ වාෂ්ප විමෝචනයන් සිදුව ඇති බව සඳහන් වනවා.

වාෂ්ප පිපිරීම් සහ විෂ වායු නිරාවරණය විය හැකි බැවින් එම කලාපයට විශේෂයෙන් ප්‍රධාන ආවාටය අසල ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි කන්දේ සිදු වූ පෙර පිපිරීම් වලින් සැදුන කැල්ඩෙරා එකක පිහිටා ඇති අතර එය අද්විතීය භූ විද්‍යාත්මක තත්ත්වයන් නිර්මාණය කරමින් විලක් ආකාරයට පිහිටා ඇත.

පිලිපීන ගිනිකඳු විද්‍යා හා භූ කම්පන විද්‍යා ආයතනය ගිනි කන්දෙහි ක්‍රියාකාරිත්වය සමීපව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යනු ලබන බවයි වාර්තා වන්නේ.