සිරදඩුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, මන්ත්‍රීවරයා විසින් තමන්ට නියම වූ දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණය ඊට අදාළ ඇප අයැදුම අද සලකා බැලීමෙන් අනතුරුවයි.

එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එමෙන්ම අධිකරණයේ අවසරය නොලබා ඔහුට විදෙස් ගමන්වල නිරත නොවන ලෙසටද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් මන්ත්‍රීවරයාට මාස 18 ක සිර දඩුවමක් නියම කර තිබුණා.