සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස එම අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් සිදු කිරීම තුළින් "දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගය සඳහා මාර්තු 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය මාර්තු 9 වනදා කැඳවන ලෙස නියෝග කළා.
එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.
2013 වසරේ සැප්තැම්බර් මස 21 වනදා සහ ඔක්තෝබර් මස 24 වැනිදා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී 494,000ක මුදලක් හලාවත පිහිටි බැංකුවක ගිණුමකට තැන්පත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් සහ බලපෑම් කිරීම තුළින් අල්ලස් පනත යටතේ "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.




