Published
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට ඉතා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.
පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව විධිමත් ලෙස මෙම පරීක්ෂණ මෙහෙයවන බවත්, ඒ පිළිබඳ කරුණු අධිකරණයට ද වාර්තා කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.




