කිලිනොච්චිය කිරන්චි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

ඒ අනුව එම මුහුදු කූඩැල්ලන් තොගය රැගෙන එමින් තිබූ තෙප්පම් යාත්‍රාවද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එහි තිබී මුහුදු කූඩැල්ලන් 380ක් සොයාගෙන තිබෙනවා.

එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරන්චි ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදුන් බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.