Published
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය තවදුරටත් පැවැත්වෙනවා.
ඊයේ රාත්රියේ පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එහිදි විහාර මහාදේවී උද්යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ සමග සත්යග්රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේ පිරිසක් පමණක් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදි පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසුවේ.
කුරුදුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විහාර මහා දේවී උද්යානයට පැමිණීමෙන් පසු උදය ගම්මන්පිල මහතා ද එම ස්ථානයට පැමිණ සිටියා.




