Published
වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමක් සිදුවී තිබෙනවා.
එම නායයාමෙන් පුද්ගලයින් 21 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
වරකාපොළ පොලීසිය අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ
මේ අතර වරකාපොළ - කරවනැල්ල පාර නියදුරුපොළින් අවහිර වී තිබෙනවා
ඒ වරකාපොල - කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ නියදුරුපොළ ප්‍රදේශයේ මාර්ගයට අද පස්වරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන්
ප්‍රදේශයෙන් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ
මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි මාර්ගයා බාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ.




