Published
කළුතර දකුණ පළාතොට ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වාහන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුවෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ වාහන අලුත්වැඩියා කරන ආයතනය හිමිකරු නොසිටි බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත් ඔහුගේ සහායකයා එම අවස්ථාවේ අදාළා ගරාජයේ රැඳී සිට තිබෙනවා.
ඒ අනුව වේක්කරුවන් විසින් වෙඩි ප්රහාර දෙකක් ගරාජය වෙත එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත් එම වෙඩි සැබීමෙන් කිසිවකුටත් හානියක් නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.