ආන්දෝලනයට තුඩුදුන් කන්ටේනර් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශ පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇති වුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වීමත් සමගයි. ඊට නියෝජ්‍ය කථානායකවරයා ද මැදිහත් වුණා.
එහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කියා සිටියේ තමා පාර්ලිමේන්තුව තුළ සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි.
පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
එහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තමන් සතු වැදගත් තොරතුරු රැසක් හෙළි කළ බවයි.
පසුව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා නැගී සිට එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූවා.
පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් සිදුවන අතර ඒ පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් ඉදිරි ප්රවෘත්ති ප්රකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න.