හදිසි ආපදා තත්වය හේතුවෙන් රටේ විදුලිබල පද්ධතියට දැඩි හානි සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසනවා.

ඔහු කියා සිටියේ හදිසි ආපදා තත්වය හේතුවෙන් ලක්ෂ 39ක පමණ විදුලි පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල වූ බවයි.

ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වුණා.

බිඳ වැටුණ සම්බන්ධතා යළි ලබාදීමේ කටයුතුවලට එක්ව සිටි එක් විදුලි සේවකයෙකුට ද ජීවිතය අහිමි වුණා.