Published
රටේ වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන දිස්ත්‍රික්ක 13න් දිස්ත්‍රික්ක 11කටම පැවති ගංවතුර සහ ආපදා තත්ත්වය හමුවේ බලපෑම් එල්ල වී ඇති බව කෘෂි විශේෂඥයින් පවසනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ මෙරට වසරක සහල් අවශ්‍යතාවය වන මෙටි්රක් ටොන් මිලියන 2.5න් සියයට 65ක් ම නිෂ්පාදනය කෙරෙන්නේ මහ කන්නයෙන් බවයි.
එලෙස සහල් සදහා විශාල දායක්තවයක් සපයන මෙවර මහ කන්නයට ගංවතුර හා ආපදා තත්ත්වය හමුවේ බලපෑම් එල්ල වි ඇති බවද ඔහු කියාසිටියා.
සිදුවූ හානිය හමුවේ කුඹුරු රැසක යළි වගා ආරම්භ කිරීමට සිදුවන බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
මෙම මස අවසන්වීමට පෙර යළි වගා ආරම්භ කිරීමට පවතින බාධා සම්බන්ධයෙන්ද රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා කරුණු දැක්වූවා.




