බලපත්ර නොමැතිව ඉන්ධන තොග සන්තව සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්රදේශයේදීයි.
ඒ, සපුගස්කන්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 180 ක් සොයාගත් බවයි සපුගස්කන්ද පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර බලපත්ර නොමැති භූමිතෙල් ලීටර් 1,000 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සෙවනගල, දන්ඩුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අදාළ භූමිතෙල් තොගය ලොරි රථයකින් ප්රවාහනය කරමින් සිටින බවට සෙවනගල පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ වැටලීමකදී එම භූමිතෙල් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි සෙවනගල පොලීසිය පැවසුවේ.
ඔවුන් දෙදෙනා සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.




