නාවික හමුදාපති කාංචන බානගොඩ මහතාගේ අභිමානයට කැළලක් වන ආකාරයෙන් මුහුණු පොත ඔස්සේ අපහාසාත්මක ඵල කිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරන බව කොටුව පොලිසිය පවසනවා.
හාලි ඇල පදිංචි නාවික හමුදා මූලස්ථානයේ නිලධාරියකු ඉකුත් 20 වෙනිදින කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන සිද්දු කරන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
එම අපහසාත්මක පළ කිරීම සිදුකර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ බෝයගනේ ප්‍රදේශයේ පදිංචි ලුතිනන් කොමාන්ඩර් (සංඥා) වරයෙකු ඔහුගේ මුහුණු පොතේ ගිණුම ඔස්සේ බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.ඔහු එදිනම විශ්‍රාම ගොස් තිබෙනවා.
එම අපහසාත්මක පළ කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කරනු ලබනවා




