ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන තුරු සටන් විරාමයකට එළඹීමේ කිසිදු අදහසක් නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්ච් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය සිදු කරන නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් ඉරානයේ ප්‍රතිචාර දැකිවීම් අඛණ්ඩව සිදු කරගෙන යාමට අදහසක් නොමැති බවයි.

මේ වන විට කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැති බවයි ඉරානයේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ටෙහෙරාන් වේලාවෙන් අලුයම 04ට පෙර ඊශ්‍රායලය නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් සිය ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව කරගෙන යාමට අදහසක් නොමැති බවයි ඔහු සිය එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.