කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැවසුවේ පෙරවරු 6.20 ට පමණ ඒ පිළිබද දුරකතන ඇමතුමක් ලැබුණු බවයි.

ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් සහ ගිනි නිවීම් භටයින් 13 දෙනෙකු වහාම එම ස්ථානයට පිටත්කර හැරි බවද ගිනි නිවීම් ඒකකය පැවසුවා.

ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.