Published
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නාත්තන්ඩිය ප්රාදේශීය සභාවේ විපක්ෂ සභිකයින් අද කළු ඇදුමින් සැරසී විරෝධතාවයක නිරත වුණා.
ඒ, නාත්තන්ඩිය ප්රාදේශීය සභාවේ මහ සභා රැස්වීම අද පෙරවරුවේ එම ප්රාදේශීය සභාවේ සභාපති සාගර විජේසේකර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වූ අවස්ථාවේදීයි.
එම සභා වාරය සඳහා කළු ඇදුමින් සැරසී පැමිණි විපක්ෂ සභිකයින් විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
2026 වසර සදහා වන නාත්තන්ඩිය ප්රාදේශීය සභාවේ අය - වැය වාර්තාව ඉදිරිපත් කිරීමද එම සභා වාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.




