ලොව පැරණිතම මැරතන් තරගයක් ලෙස සැලකෙන බොස්ටන් මැරතන් තරගය අද ඇමරිකාවේ දී ආරම්භ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 55 හැවිරිදි වියේ පසුවන මැරතන් ශූරයෙක් වන ගාමිණි සුගතදාස සහභාගීවීමට නියමිතයි.

ඔහු මෙවර තරගයට සහභාගී වන්නේ අවුරුදු 55ත් 59ත් තරග කාණ්ඩයෙන්.

එම කාණ්ඩයෙන් මෙවර තරගය සඳහා තරගකරුවන් 3,800කට වැඩි පිරිසක් තරග වැදීමට නියමිතයි.

වසර 130ක ඉතිහාසයක් හිමි බොස්ටන් මැරතන් තරගය වෙනුවෙන් මෙවර ලොව පුරා සිටින මැරතන් තරගකරුවන් සහ තරගකාරියන් 30,000කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.