මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව ඔක්තෝම්බර් මස 10 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේයි. එම අවස්ථාවේදී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය නියෝග කළේ මෙම නඩුව විභාගය සඳහා ඔක්තෝබර් මස 08 සහ 14 යන දිනවල කැදවන ලෙසයි.

වෙලේ සුදා නමැති විත්තිකරු මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට වරදකරු වී ඇති අතර ඔහු එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ද ඉදිරිපත් කර තිබෙනවා.