Published
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීමෙන් අනතුරුව සේවාවන් රැසක් සඳහා TIN සහතිකයක් අත්‍යවශ්‍ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව යම් මූල්‍ය ආයතනයක යම් ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමතය ලබා ගැනීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සහ බලපත්‍රය අලුත් කිරීම සදහා ද TIN සහතිකයක් අත්‍යවශ්‍ය වනු ඇති.
මීට අමතරව ඉඩමක් හෝ ඉඩමක හිමිකමක් ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, පැවරුම්ලාභියකු විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබාගැනීම යන කාර්යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.




