Published
න්‍යෂ්ඨික බලය සම්බන්ධයෙන් කටමැද දෙඩීමේදී ප්‍රවේසම් වන්නැයි රුසියාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා තිබෙනවා. ඒ, රුසියාව ආසන්නයේ න්‍යෂ්ඨික සබ්මැරීන නැවත ස්ථානගත කිරීසමට නියෝග කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්. රුසියාවට එරෙහි න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව සියලු දෙනා ප්‍රවේසම් විය යුතු බවයි රුසියාවේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසා ඇත්තේ. අමෙරිකාව සමග මතභේද ඇතිකර ගැනීමට රුසියාව, අකමැති බවද ඔහු පවසා තිබෙනවා. රුසියානු කලාපයේ න්‍යෂ්ඨික සබ්මැරීන ස්ථානගත කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ක්‍රෙම්ලීනය ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.