බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින සුළි කුණාටුව අද රාත්රියේ ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම සුළු කුණාටුව හෙට දිනයේ ඉතා ප්රබල සුළි කුණාටුවක් වන බවයි කාලගුණ විද්යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජය මාන්න මහතා පැවසුවේ.
"මෙම සුළි කුණාටුව දැන් මෙවන විට සුළි කුණාටුවක් වෙලා තියෙනවා, ඒක අති ප්රබල, ඉතා ප්රබල සුළි කුණාටුවක් දක්වා අපි බලාපොරොත්තු වෙනවා අද මධ්යම රාත්රී වගේ වෙනකොට ඒක ඉතා ප්රබල, ඒ කියන්නේ Severe Cyclone එකක් වේවි කියලා. ඒක Super Cyclone එකක් දක්වා වර්ධනය වෙනවා, හෙට අනිද්දා වගේ වෙනකොට. එතකොට 28 වෙනිදා ඒත් එක්කම ඒක ඉන්දියානු ගොඩබිමට ඇතුළු වෙනවා. මේකෙ බලපෑම විශේෂයෙන්ම තියෙන්නෙ අපේ දිවයිනෙ නිරිතදිග කොටසට. අපි ගත්තොත් එහෙම දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව පළාත්වලත්, ඒ වගේම වයඹ පළාතෙ සමහර කොටස්වලත් වැසි තත්ත්වය අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වගේ වැසි අපි අද දිනයේ, හෙට දිනයේ අපේක්ෂා කරනවා. කොහොම වුණත් 28 වෙනිදා වෙනකොට මෙම සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක්, අපි කියන්නෙ Super Cyclone එකක් වෙලා ඉන්දියාවෙ ගොඩබිමට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වෙන කිට්ටුව තමා Super Cyclone එකක් වෙන්නෙ. ඒත් එක්කම අපට ඒ බලපෑම ක්රමක්රමයෙන් අඩු වෙලා යනවා."
අනිද්දා දිනය දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි ඔහු පැවසුවේ.
"විශේෂයෙන් ගත්තොත් උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් අපි බලාපොරොත්තු වෙනවා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා. ඒ වගේම අද දිනයේ ගත්තහම හෙට දිනයේත් මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක් දක්වා වගේ තද වැසි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඌව, අම්පාර, මඩකලපුව වගේ දිස්ත්රික්කවලත් හවස් කාලයේ හෝ රාත්රී කාලයේ පස්වරු 1.00 න් පස්සේ වගේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම කියන්න ඕන මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 ක 50 ක වගේ තද සුළං අපි අද දිනයේත් හෙට දිනයේත් මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම මහජනතාවට විශේෂයෙන්ම කියන්න ඕන මේ ගිගුරුම් සහිත වැසිත් සමඟ තාවකාලිකව තද සුළං, අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒවත් එක්ක ඒවයින් වැළකීමේ පියවර ගන්න කියලා. ධීවර ජනතාව සහ නාවික ප්රජාවට අපි ඉල්ලා සිටින්නේ නැගෙනහිර මධ්යම සහ බටහිර මධ්යම, විශේෂයෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ගැඹුරු ප්රදේශයට යාත්රා කිරීමෙන් වලකින්න කියලා. මොකද ඒ ප්රදේශයේ සුළඟ තදයි, මුහුද සැරයි."




