දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි ජේ්‍යෂඨ භු විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පසුගිය දින කිහිපය සහ අද දින පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබූ නායයෑම් අභ්‍යන්තර ඇගයීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරනු ලබනවා.

මේ අනුව,

  • කළුතර දිස්ත්‍රික්කයේ: වළල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • කෑගල්ල දිස්ත්‍රික්කයේ: දෙහිඕවිට සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ: අඹගමුව කෝරලයේ සහ නොෝවුඩ් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • රත්නපුර දිස්ත්‍රික්කයේ: රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

අදියර දෙක යටතේ 'අවධානයෙන් සිටින්න' නිවේදනය ක්‍රියාත්මක වන අතර,

මීට අමතරව,

  • ගාල්ල දිස්ත්‍රික්කයේ: තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට,

  • ගම්පහ දිස්ත්‍රික්කයේ: අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට,

  • කළුතර දිස්ත්‍රික්කයේ: මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • මහනුවර දිස්ත්‍රික්කයේ: උඩුදුම්බර, පස්බාගේ කෝරලේ, උඩපළාත සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • කෑගල්ල දිස්ත්‍රික්කයේ: කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකපොල, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ: නාරම්මල සහ කුරුණෑගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

  • රත්නපුර දිස්ත්‍රික්කයේ: කිරිඇල්ල සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,

අදියර එක යටතේ 'විමසිලිමත් ව සිටින්න' නිවේදනය ක්‍රියාත්මක වෙනවා."