ආපදා හේතුවෙන් හානි වූ ගොවිබිම්වල නැවත වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට සිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා පවසනවා.

දෙසාම්බර් 20 වනදාට පෙර වගා කටයුතු ආරම්භ කිරීමට ගොවීන් යොමු කිරීම සිය දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොරවල හිඟයක් රට තුළ නොමැති බවද කෘෂීකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.