2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ හරහා රාජ්‍ය සේවය ඇතුලු අංශ ගණනාවක් සඳහා සහන රැසක් ලබාදීමටයි යෝජනා කෙරුණේ.
ජනාධිපතිවරයා එහිදී පැවසුවේ රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ද ඉහළ ගොස් ඇති බවයි. ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන්, 2025 වසරේ පළමු භාගය තුළ දී, ආර්ථිකය සියයට 4. 8කින් වර්ධනය වූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ යාම හේතුවෙන්, දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගොස් ඇති බවත්, 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 16 ක මට්ටමට ලඟා වීමට මේ වසරේ දී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
මේ වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2යි දශම 3ක් වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන, ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වනු ඇතැයිජනාධිපතිවරයා මෙහිදී අපේක්ෂා කළා
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති සියයට 114. 2ක අගයේ සිට 2026 වසර වන විට සියයට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩුවනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජාත්‍යන්තර ණය ගෙවීම් සම්බන්ධයෙන් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් පළ කළා.
2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
එමෙන්ම විදේශීය ඉපයීම් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මඟින් ආයෝජකයින්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ආයෝජන ආරක්ෂණය සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටින බවයි පැවසුවේ.
මේ වන විටත් “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” සම්මත කර තිබෙන බවත් එය බලාත්මක කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාසයක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් දැනටමත් පිහිටුවා තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහා කළා. එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු අනාවරණ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ප්‍රතිපාදන සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.
වතු කම්කරු සේවකයින්ගේ වැටුප් වැඩිකරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් රථ ලබාදීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පළ කළේ මෙවන් අදහසක්.
අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන සහන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බැවින් විධිමත් අධ්‍යයනයකින් පසුව 75,000කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළා.
එමෙන්ම නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්රවේශයකට අනුව නිවාස සංර්වධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ. එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා.
විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබෙනවා.




