දෙහිඅත්තකන්ඩිය – මහියංගණය ප්‍රධාන මාර්ගයේ හොබරියාව, ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ පෙර පාසල් දරුවන් හතර දෙනෙකු, ආබාධිත පුද්ගලයකු සහ කාන්තාවක් ගිරාඳුරුකෝට්ටේ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය කළ මෝටර් රථයක්.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන, පදික වේදිකාවේ සිටි පුද්ගලයන්ගේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.