පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් වර්තමානයේ පැනනැගී ඇති තත්ත්වය පිළිබඳව දේශපාලඥයින් විවිධ අදහස් පළ කරනවා.
මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඉකුත් දා පැවති මැතිවරණයෙන් පසු මේ දක්වා කාලය තුළ ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 213ක බලය පිහිටුවා තිබෙනවා.
සමගි ජන බලවේගය ආයතන 32කත්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ආයතන 21කත් බලය පිහිටු වීමටයි කටයුතු කර ඇත්තේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 05කත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයතන 04කත්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 03කත් බලය පිහිටුවා තිබෙනවා.
වෙනත් දේශපාල පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ආයත 17ක බලය පිහිටුවා ඇති අතර සභා 10ක බලය පිහිටු වීමේ කටයුතු කල් දැමීමටයි සිදුව ඇත්තේ.