Published
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන භාණ්ඩ කිහිපයක් සමග සැකකාරියන් තිදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු දෙහිඅත්තකණ්ඩිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදීයි.
එම ත්‍රීරෝද රථයේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාවක් හා මැණික් ගල් බවට සැක කෙරෙන නිල් පැහැති ගල් 03 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බිබිල, මිණිපේ , මහියංගණය හා රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




