කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් 10ක් විමර්ශන සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ පස්වරුවේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.

එලෙස තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

වෙඩි තැබූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

සැකකරුවන් සොයා යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව එම ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුමක් ද සිදු කර තිබෙනවා.