Published
මෙරට ආබාධ සහිත පුද්ගලයන් මිලියන එකයි දශම හයකින් සියයට 70 ක් පමණ ආදායම් ඉපැයීමක් සිදු නොකරන බව චයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.
එවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ ඇතැම් ක්‍රමවේදවල පවතින යම් යම් ගැටළු නිසා බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය නිවැරදි කිරීම සදහා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් චයිල්ඩ් ෆන් ශ්‍රී ලංකා ආයතනය රජය සමග එක්ව විශේෂ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.



