මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ, කුලියාපිටිය - පහළ වීරඹුව පොදු සුසාන භූමියේදීයි.

ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

මෙම මරණය බහු කැපුම් තුවාල නිසා ඇති වූ අධික රුධිර වහනයෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත්කෙරුණු විශේෂඥ වෛද්‍ය මණ්ඩලය නිගමනය කළා.

එමෙන්ම, එම තුවාල ඔහු විසින්ම තියුණු ආයුධයක් භාවිත කර සිදුකරගත් බව හැඟී යන බව ද එම විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩල නිකුත් කළ වාර්තාවෙ සඳහන්.

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටියදී ඔහු සැකකටයුතු ලෙස මියගොස් තිබුණේ නිවස ආසන්නයේදීයි.