ඉන්දියාවට නම් කරන ලද ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ කැපවීම ඉස්මතු කළේය.

X හි සටහනක, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පැවසුවේ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමට කැපවී සිටින බවයි.

එහිදී සර්ජියෝ ගෝර් දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවය අවධාරණය කළ අතර අනාගත සහයෝගීතාව පිළිබඳ ශුභවාදී අදහස් පළ කළේය.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති සම්බන්ධතාවය අගය කළ සර්ජියෝ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති මෝදිගේ ශක්තිමත් නායකත්වය යටතේ, දෙරටේ අනාගතය ගැන බලාපොරොත්තු රඳවා ගෙන සිටින බව ද ඔහු පැවසුවේය.

එමෙන්ම ගෝර් විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ විදේශ ලේකම් වික්‍රම් මිස්රි සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ආරක්ෂක, වෙළඳාම, තාක්‍ෂණය සහ තීරණාත්මක ඛනිජවල වැදගත්කම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු සාකච්ඡාවලදී ආවරණය වූ බව ඔහු පැවසීය.