පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පළ කළ ගැසට් නිවේදනයේ විධිමත් භාවයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට බඳවා ගැනීම් අර්බුදයක් දක්වා පැමිණ ඇති බවයි.
"පාසල් පද්ධතියේ බරපතල ගුරු හිඟයක් තියෙනවා. අවුරුද්ද මුලදීම අග්රාමාත්ය සහ අධ්යාපන ඇමතිවරිය කිව්වා පාසල් පද්ධතියේ 46,000ක ගුරු පුරප්පාඩු තියෙනවා. ඊට පස්සේ ඒක 36,000කට අඩු කරලා කිව්වා. දැන් එතකොට දැන් මේ ගුරු පුරප්පාඩු පුරවන්නේ නැතුව ඉන්නේ පාසල් පද්ධතියේ දැන් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ. එතකොට අවුරුදු එකහමාරකට වැඩි කාලයක් තිස්සේ බරපතල ගුරු පුරප්පාඩු තියාගෙන තමයි පද්ධතිය ඉස්සරහට යන්නේ. දැන් මේ අය අධ්යාපන ප්රතිසංස්කරණයක් කරනවා කියලා කියනවා. දැන් මේ පුරප්පාඩු තියාගෙන දැන් මේ ඔක්කොම කියන්නේ. එතකොට දැන් මේ පුරප්පාඩු පිරවීම සඳහා මේගොල්ලෝ මුල ඉඳන්ම කියපු දෙයක් තමයි වර්තමාන රජය 23,000ක් ගුරුවරු බඳවා ගන්නවා කියන කාරණය. ඒ කියන්නේ පුරප්පාඩු ප්රමාණයට වඩා අඩුවෙන් තමයි බඳවා ගන්න තීරණය කරලා තිබ්බේ. මේ 23,000 බඳවා ගන්න දැන් ගැසට් කරලා. දැන් ගැසට් කරාට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? මුලික වටයේ දැන් සම්මුඛ පරීක්ෂණය කැඳවලා තියෙන්නේ කී දෙනාටද, 10,000කට. 23,000ක් පුරප්පාඩුවලට 1,26,000කට වැඩි පිරිසක් විභාගේ ලිව්වා. අපි දන්න විදිහට 80,000කට වැඩි පිරිසක් ඒ සඳහා සුදුසුකම් ලබලා තියෙනවා සම්මුඛ පරීක්ෂණ සඳහා. දැන් නමුත් 10,000යි කැඳවන්නේ සම්මුඛ පරීක්ෂණ වලට. එතකොට සම්මුඛ පරීක්ෂණ 10,000ක් ගෙන්නුවාම ඒකෙන් අඩයි බඳවගන්නේ. ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයෙන් ගන්න ප්රමාණය වගේ දෙගුණයක් තමයි සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නේ. එතකොට මේ ගුරු පුරප්පාඩු පිරවෙන්නේ කවද්ද? මේ වෙනකොට සැලසුම් කරලා තියෙන්නේ ලබන මාසේ මැද වෙනකොට සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරලා, තව පත්වීම් දෙනකොට තව අතිශයම ජනවාරි. 46,000කට වැඩි ගුරු පුරප්පාඩු, බඳවගන්න තීරණය කරේ 23,000යි, ඒකෙනුත් සම්මුඛ පරීක්ෂණයට කැඳවන්නේ 10,000යි. එතකොට මේ පුරප්පාඩුවලට කවුද වග කියන්නේ? දැන් අද වෙනකොට අධ්යාපන පද්ධතියේ විශාල ගුරුවරු පිරිසක් ඉන්නවා තමන්ට ස්ථාන මාරුවෙලා යන්න බැහැ අවුරුදු 12, 13 වැඩකරනවා, ඒ අයට අනුප්රාප්තිකයෙක් නැහැ. දැන් මේ අනුප්රාප්තිකයෙක් බඳවා ගැනීමක් වෙන්නේ නැහැ. එතකොට මේ අවුරුද්දත් උන්ට ඉන්න වෙනවා. මේක බරපතල අර්බුදයක්."
පාසල් පද්ධතිය තුළ පවතින ගුරු හිඟය සම්බන්ධයෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියද අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරි කාලයේදී ගුරුවරුන් 30,000 ආසන්න ප්රමාණයක් පාසල් පද්ධතියට බඳවා ගැනීමට නියමිත බවයි.
"නොවැම්බර් 20 අපි 17,000ක් ගුරු පත්වීම් දෙන්න ඉන්ටර්වීව් ආරම්භ කරන්න ඒවා අපි පටන් අරගන්නවා. මේ හරහා ගුරුවරුන් උපාධිධාරී ගුරුවරුන් 23,000ක් අපි මේ පද්ධතියට ගේනවා. ඒත් මදි නිසා තමයි අපි විද්යාපීඨවල වලින් පිටවෙන තව 6,000ක් පමණ අපි එන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට පාසල් පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අධ්යාපනවේදී උපාධිය තියෙන තව ප්රමාණයක් අපි බඳවගන්න සැලසුම් කරලා තියෙන්නේ මේ උපාධිධාරී පත්වීම් දෙනකොටම. ඒ කියන්නේ පද්ධතියටම අලුත් ගුරුවරුන් 30,000ක් විතර එකතු කරනවා අපි එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට."




