Sunday, May 19, 2024

General line - 0115112241

කෙහෙළිය යළි රිමාන්ඩ්




හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ අදාළ සිද්ධියේ 11වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන ඇප මත නිදහස් කරන ලෙසයි.