Sunday, May 19, 2024

General line - 0115112241

මැතිවරණයක් ආසන්නයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉන්න - නිරීක්ෂණ සංවිධානයක් ජනතාවගෙන් ඉල්ලයි




දේශපාලඥයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයින් ඡන්දය භාවිත කළහොත් ඉදිරියේදී යළිත් රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ජනතාව නිවැරදි තීන්දු ගතයුතු බවයි. 


මැතිවරණ කැලැන්ඩරය ක්‍රියාත්මක වන්නේ කවුරුන් වෙනුවෙන්දැයි ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.