Saturday, May 17, 2025

General line - 0115112241

පොලිස් නිලධාරීන් 04ක් අත්අඩංගුවට



කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 04ක් මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට තර්ජනය කර රුපියල් ලක්ෂ 14ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකු, සැරයන්වරයෙකු සහ උතුරු කොළඹ බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙක්.