Published
යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා තිබෙනවා.
අද අළුයම 5.30 ට පමණ එම අනතුරව සිදුව ඇත්තේ මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්රදේශයේදී බවයි නෙත් නිවුස් නියෝජිත ජුඩ් සමන්ත පැවසුවේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය - වීරකොඩියානේ පදිංචිව සිටි වයස අවුරුදු 17 සහ 11 ක් වන පිරිමි ළමයින් දෙදෙනෙක්.
බරපතල තුවාල ලැබූ ඔවුන්ගේ මව හලාවත මහ රෝහලේ ප්රතිකාර ලබනවා.
අනතුර සම්බන්ධයෙන් මාදම්පේ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




