Published
ගංවතුර බැසයාමත් සමග බෝවන රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ගංවතුර බැසගිය නිවාස පරිශ්‍ර පිරිසිදු කිරීමේදී මී උණ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවයි.
ගංවතුර සමග ගසාගෙන ආ නිවාස පරිශ්‍රවල ඇති මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම වැදගත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ ලේකම් චමිල් මුතුකුඩ මහතා මෙහිදි පැවසුවා.
දිවයින පුරා මහජන සොෟඛ්‍ය පරික්‍ෂකවරුන් 2,000ක් පමණ මේ වන විට නිවාස පරිශ්‍ර යථා තත්ත්වයට පත් කර ගැනීම ඇතුළු කටයුතු සඳහා අවශ්‍ය සහය ලබා දෙමින් සිටින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.




