hemantha

ට්‍රම්ප් සහ පුටීන් දුරකතන සංවාදයක

මැදපෙරදිග යුද ගැටුම් තවත් දික්ගැස්සෙමින් තිබියදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර විශේෂ දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. මැදපෙරදිග යුද ගැටුම් පිළිබඳ මෙන්ම යුක්රේන අර්බුදය පිළිබඳව ද දෙරටේ නායකයන් මෙහිදී අවධානය යොමු කර ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. රුසියාව මෙම සාකච්ඡාව විස්තර කර ඇත්තේ ”විවෘත හා සාධනීය” එකක් ලෙසයි. මැදපෙරදිග ගැටුමට කඩිනම් ට්‍රම්ප් සහ පුටීන් දුරකතන සංවාදයක

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එම බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගොඩබිම වෙත මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ඉන්ධන මිල වැඩි කළාට ජනතාව කළ චෝදනා

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග රට තුළ පවතින බව ප්‍රකාශ කර තිබියදී ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවේ මන්දැයි ජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.  Neth News · PEOPLES 01 මේ අතර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ඉන්ධන මිල වැඩි කළාට ජනතාව කළ චෝදනා

මොරටුව මොරටුමුල්ල ශ්‍රී සද්ධර්ම රාජ මහ විහාරස්ථ සිරි අරියවංස දහම් පාසල විසින් වාර්ෂිකව සිදු කරන ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ගරු ප්‍රධානාචාර්‍ය පූජ්‍ය එල්ලාවල ධම්මවංස නා හිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසකත්වයෙන් උප ප්‍රධානාචාර්‍ය ජී.එම් කනිෂ්ක දේශාන් අපෝන්සු ගුරු මහතා හා ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් 2026 මාර්තු 08 වන දින ප.ව 2.00 ට මොරටුව බෞද්ධ මන්දිරයේ දී සිදු කර තිබෙනවා. එහි ප්‍රධාන ආරාධිතයන් වහන්සේ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ හා කොළඹ මොරටුව මොරටුමුල්ල ශ්‍රී සද්ධර්ම රාජ මහ විහාරස්ථ සිරි අරියවංස දහම් පාසල විසින් වාර්ෂිකව සිදු කරන ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ආරම්භ වෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. එම මහින්දානන්දගේ ඇපෑලේ විභාගය අද දෙවන දිනටත් ආරම්භ වෙයි

ප්‍රජාත්නත්‍රවාදී බංග්ලාදේශයකට සහය දෙන බව ඉන්දියාව කියයි

ඩකා නුවර ඉන්දීය මහ කොමසාරිස් ප්‍රාණය් වර්මා ප්‍රකාශ කළේ, ඉන්දියාව සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී, ස්ථාවර සහ සියලු පාර්ශව ඇතුළත් බංග්ලාදේශයකට සහාය දක්වන බවයි. ඩකා නුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. මෙම අවස්ථාවට බංග්ලාදේශ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, විවිධ පක්ෂවල දේශපාලන නායකයන් සහ සිවිල් සමාජයේ ප්‍රමුඛ ප්‍රජාත්නත්‍රවාදී බංග්ලාදේශයකට සහය දෙන බව ඉන්දියාව කියයි

අමෙරිකාවේ ප්‍රකාශයකට ඉන්දියාවෙන් උත්තර

ගෝලීය බලශක්ති වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය මධ්‍යයේ ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ අනුව ඉන්දියාව පැවසුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් තාවකාලිකව පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමෙන් පසුවත්, රුසියානු තෙල් ආනයනය අඛණ්ඩව සිදු කරන බවයි. මුහුදේ අතරමං වී තිබූ තෙල් නැව් ඉන්දියානු ගැනුම්කරුවන්ට විකිණීමට ඉඩ සලසමින් ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකාවේ ප්‍රකාශයකට ඉන්දියාවෙන් උත්තර

ඉරානයෙන් ඉන්දියාවට තුති

ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව ඉන්දියන් සාගරයේදී අනතුරකට ලක්වීමෙන් පසුව, සිය අනෙක් නාවික නෞකාව වන IRIS Lavan වෙත කොචි වරායේදී ආරක්ෂිත නවාතැන් සහ තාක්ෂණික පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඉරානය ඉන්දියාවට සිය නිල ස්තූතිය පිරිනමා ඇත. ANI පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි ප්‍රකාශ කළේ, IRIS Dena නෞකාවට මුහුණ ඉරානයෙන් ඉන්දියාවට තුති

කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නැති T20 දක්ෂතා දැක්වූ සංචිතය අද එළියට

නිමාවට පත්වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විතව ලෝක කුසලානයේ 20යි 20 කණ්ඩායම අද ප්‍රකාශයට පත් කලා. ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත එහි ඉන්දීය ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුලත්. සිම්බාබ්වේ ක්‍රිඩකයෙකු පවා ඊට ඇතුළත් වුවද කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෝක කුසලානයේ 20යි 20 කණ්ඩායමට නම් කර නැහැ. ඉන්දියාවෙන් සංජු සැම්සන්, ඉෂන් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු නැති T20 දක්ෂතා දැක්වූ සංචිතය අද එළියට