Nisal Sadaruwan

ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් මාලදිවයිනට දිගු කළ දෑත

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී, මාලදිවයින වෙත කෙරෙන සිය සංචාරය වඩාත් වැදගත්කමක් උසුලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තමන්ට සහ තම නියෝජිත පිරිසට ලබාදුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට සිය අවංක කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා කියා ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් මාලදිවයිනට දිගු කළ දෑත

ඇත් පැටවෙකු මරා ලබාගත් බවට සැක කෙරෙන දළ යුගලක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෝ හතරක් අගෝස්තු හත දක්වා රිමාන්ඩ්

ඝාතනය කරන ලද ඇත් පැටවකුගේ හෝ වෙනත් හේතුවක් නිසා මියගිය ඇත් පැටවෙකුගේ හෝ දළ යුගලක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ සැකකරුවන් සිව් දෙනකු අගෝස්තු මස හත දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කර තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ කැකිරාව මීගස්වැව සමගිගම පදිංචිකරුවෙකු සහ කැකිරාව ඔලුම්බෑව ඇත් පැටවෙකු මරා ලබාගත් බවට සැක කෙරෙන දළ යුගලක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෝ හතරක් අගෝස්තු හත දක්වා රිමාන්ඩ්

වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සහන් සිසි කැළුම් හෙවත් වැලිගම සහන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ඉන්දියාවෙන් මෙරටට පිටුවහල් කල මොහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා. වැලිගම සහන් කටුනායකදී අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් මේවන විට රාගම ශික්ෂණ රෝහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් මේ වන විට එම ස්ථානයට යොමු කර ඇති බවයි මහනුවර ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටියේ.  

බංග්ලාදේශයේ ජෙට් අනතුරින් පිළිස්සුම් ලැබූවන්ට විශේෂ ප්‍රතිකාර ඇරඹේ

බංග්ලාදේශයේ ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සඳහා එරටට පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් තීරණාත්මක වෛද්‍ය පහසුකම් සහ සේවා ලබා දීම ආරම්භ කර ඇති බව ඩකාහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එම ගුවන් අනතුරෙන් පසුව බරපතල තුවාල ලැබූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බංග්ලාදේශ බලධාරීන්ට වෛද්‍ය ආධාර සැපයීම සඳහා දැනට බංග්ලාදේශයට ගොස් බංග්ලාදේශයේ ජෙට් අනතුරින් පිළිස්සුම් ලැබූවන්ට විශේෂ ප්‍රතිකාර ඇරඹේ

ඉන්දු – මාලදිවයින් නායකයින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු අතර හමුවක් මාලදිවයිනේ මාලේ අගනුවරදී පැවැත්විණි. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයිනේ නෙල සංචාරයට සමගාමීවයි. මාලදිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව මාලදිවයිනේ ජනාධිපතිවරයා විසින් ජනරජ චතුරශ්‍රයේදී උත්සවාකාරයෙන් පිළිගැනීමෙන් අනතුරුව මෙම හමුව පැවැත්විණි. උත්සවාකාර පිළිගැනීමෙන් අනතුරුව නායකයින් දෙදෙනා ජනරජ චතුරශ්‍රයේදී හමුවූ අතර, ආචාර වෙඩිමුර 21 ක්, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ගෞරව සම්මාන ඉන්දු – මාලදිවයින් නායකයින් අතර හමුවක්

දුම්රිය රියදුරන්ගෙන් අනතුරු ඇඟවීමක්.

සිය වෘත්තීය ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසනවා. සිය රියදුරන් මුහුණ දෙන පරිපාලන ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් මීට පෙර දුම්රිය බලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇතත් එම ගැටලුවලට මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බවයි දුම්රිය රියදුරන්ගේ දුම්රිය රියදුරන්ගෙන් අනතුරු ඇඟවීමක්.

අරිසිමලේ ආරණ්‍ය සේනාසේනයේ ඉවත් කළ ආරක්ෂාව යලිත් ලබා දෙයි

ත්‍රිකුණාමලය, කුච්චවේලි, අරිසිමලේ ආරණ්‍ය සේනාසේන ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරින් යළි ලබාදීමට පියවර ගෙන ඇති බව අරිසිමලේ ආරණ්‍ය සේනාසේනාධිපති, උතුරු-නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝණායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන් පවසනවා. ඒ සම්බන්ධයෙන් රජයට සිය ස්තූතිය පිරිනමන බවයි උන්වහන්සේ නෙත් නිවුස් වෙත කියා සිටියේ. Neth Sound · ARISIMALE HIMI 01