Nisal Sadaruwan

දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට යළි රැස් වනවා. 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙනවා. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විශමාචාර සහ සිය ධූරයේ දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය අද

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වන ස්ථානය ඉන්දීයාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, එංගලන්තය සමග ඊයේ නිමාවට පත්වූ පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 06ක තියුණු ජයක් ලබාගැනීමත් සමඟයි. මෙම තරඟයේ පළමු ඉනිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 224ක් රැස්කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 396ක් රැස්කළා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 247ක් රැස්කළ අතර ජයග්‍රහණය සඳහා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වන ස්ථානය ඉන්දීයාවට

ඉන්දියාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යළි තර්ජන.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට එරෙහිව නැවත වරක් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්. සිට ‘ටෘත්’ සෝශල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් විශාල වශයෙන් තෙල් මිලදී ගැනීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළඳපොළේ එම තෙල් අලෙවි කර විශාල ලාභ උපයන බවයි. එමෙන්ම රුසියානු ක්‍රියාකලාපය හේතුවෙන් යුක්‍රේනයේ ඉන්දියාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යළි තර්ජන.

ආසන පටි අනිවාර්ය වන හැටි

අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථවල මගී ආසන සඳහා ආසන පටි අනිවාර්ය කිරීම සැප්තැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ – ධාවන ෂෙරිල් අතුකෝරළ මහත්මිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල හිමිකරුවන් මේ වන විට ආසන පටි අනිවාර්ය වන හැටි

පොහොට්ටුව හැර ගිය ප්‍රබලයෝ යළි එක්වන දවස

පක්ෂය හැර ගිය ප්‍රබලයින් යළි එක් කර ගැනීමේ සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ පක්ෂය හැර ගිය ප්‍රබලයින් නිල වශයෙන් පක්ෂය සමග යළි සම්බන්ධ වීම ඉදිරි ආසන්න කාලසීමාවක සිදු වනු ඇති බවයි. Neth Sound · SANJEEWA 01 ඒ පොහොට්ටුව හැර ගිය ප්‍රබලයෝ යළි එක්වන දවස

වෛද්‍ය සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට පණිවිඩයක්

සිය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සමිති නියෝජිතයින් කොළඹදී රැස්වීමට නියමිතව තිබෙනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සිය සංගමයේ සියලුම ශාඛා සමිති රැස්වී ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. Neth Sound · DR CHAMIL 01 මෙම වෛද්‍ය සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට පණිවිඩයක්

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලද ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මෝටාර් උණ්ඩයක් පිපිරී ළමුන් 05 දෙනෙකු මියයයි

පකිස්තානයේ Lakki Marwat දිස්ත්‍රික්කයේ Langerkhel Surband සහ Shaikh Khula ප්‍රදේශයේදී මෝටාර් උණ්ඩයක් පිපිරීමක් සහ quadcopter ප්‍රහාරයක් සම්බන්ධ පිපිරීමකින් ළමුන් පස් දෙනෙකු සහ පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පිපිරීම්වලින් කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පළමු සිදුවීම සෙනසුරාදා උදෑසන Langerkhel Surband ප්‍රදේශයේ සිදු වූ අතර, කුඹුරක සෙල්ලම් කරමින් සිටි ළමයින් මෝටාර් උණ්ඩයක් පිපිරී ළමුන් 05 දෙනෙකු මියයයි

පිලිපීන ජනපති ඉන්දියාවට

පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos Jr ඉන්දියාවට පැමිණ සිටියි. ඒ, පස්දින රාජ්‍ය සංචාරයක් සඳහායි. ඉන්දු – පිලිපීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 75 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව පිලිපීන ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය සිදු කෙරේ. ෆර්ඩිනෑන්ඩ් මාර්කෝස් ජූනියර් 2022 දී පිලිපීනයේ පිලිපීන ජනපති ඉන්දියාවට